Thursday, June 14, 2012

Automatic Wrist Watch


ස්වයංක්‍රීය අත් ඔරලෝසු ( ඉබේ වයින් වෙන අත් ඔරලෝසු)

අපේ සීයට අයිති අවුරුදු 30 කටත් වඩා පරණ තවමත් හොඳින් වැඩ කරන අත් ඔරලෝසුවට උපහාර පිණිස :)

Automatic Watch 
ඉතිහාසයට අනුව  1770 දී ස්විස් ජාතික Perrelet නම් ඔරලෝසු කාර්මිකයා විසින් ලොව පළමු ස්වයංක්‍රීය අත් ඔරලෝසුව නිපදවා ඇත. මෙම යාන්ත්‍රනයේදී කිසිදු ආකාරයක බාහිරින් වයින් කිරීමක් හෝ බැටරි මගින් විදුලිය සැපයීමක් සිදු නොකරයි. අත් ඔරලෝසුව පළදින්නා ඇවිදීමේදී හෝ ඕනෑම ආකාරයක චලනයක් සිදුකරන විටදී මෙම ඔරලෝසු ස්වයංක්‍රීයම වයින් වේ. එනිසා  නිතරම ඇවිදින ක්‍රියාශීලී පුද්ගලයන්ට මෙම අත් ඔරලෝසු වඩාත් සුදුසුය. වයින් කිරීමට අමතර ශක්තියක් අවශ්‍ය නොවීම, බැටරි පාවිච්චි නොකරන නිසා පරිසර හිතකාමී වීම, අපතේ යන ශක්තියෙන් ප්‍රයෝජන ගැනීම වගේ සුවිශේෂී වාසි රැසක්  මේ අත් ඔරලෝසු භාවිතයෙන් අත් වේ. 

inside view of Automatic Watch
මෙහිදී පළදින්නා සිදුකරන  අක්‍රමවත් චලිතයන් ඒකකේන්ද්‍රීය නොවු rotor එකක් මගින් ක්‍රමානුකූල වෘත්තාකාර චලනයක් බවට පරිවර්තනය කර සර්පිලාකාර ප්‍රධාන  දඟරය (mainspring) වයින් කරයි. ඉන්පසු ගියර් පද්ධතියක් මගින්, ප්‍රධාන දඟරයේ ගබඩා කල ශක්තිය කුඩා දැතිරෝද වලට ක්‍රමානුකූලව මුදා හරී. පසුව එම දැති රෝද වලට සම්බන්ධවී ඇති ඔරලෝසු කටු කරකැවීම සිදු වේ.පූර්ණව  වයින් වූ ඔරලෝසුවක් දින දෙකක් වුව නිසලව තැබුවද හොඳින් ක්‍රියාත්මක වේ. එබැවින් පිටතින් බලයක් නොසැපයෙන අවස්ථා වලදී පවා වෙලාව බලාගත හැක. 

දිගු කාලයක් පාවිච්චි නොකර ගබඩා කර තැබීමේදී මෙම ඔරලෝසුවල විවිධ දෝෂ ඇතිවිය හැක. දැතිරෝද අතර ඝර්ෂණය අවම කිරීමට යොදා ඇති ලිහිසි තෙල් උකු වීම නිසා නිවැරදිව ක්‍රියාත්මක නොවීම මින් ප්‍රධානයි.  මෙම තත්වය වැලකීමට (watch winders) එනම් ඔරලෝසු වයින් කරන යන්ත්‍ර නිපදවා ඇත. මෙමගින් ඔරලෝසුවේ නිරවද්‍යතාවය දිගුකලක් පවත්වාගත හැක.