Thursday, May 31, 2012

Blue light from red Blood

මිනිස් රුධිරයෙන් ආලෝකය.




මේක මම අන්තර්ජාලයේ සැරිසරන කොට දැක්ක අමුතුම තාලයේ සංසිද්ධියක්. එක්තරා වීදුරු බුබුලක්  ඇතුලේ යම් රසායනික ද්‍රාවණයක් දාල මුද්‍රා තියල තියෙනවා, ඒකෙ මුද්‍රාව කඩලා ඇතුලේ ඇති ද්‍රාවණයට  රුධිර ස්වල්පයක් මිශ්‍ර කරනවා, එහිදී දීප්තිමත් නිල්පාට එළියක් ද්‍රාවණයෙන් නිකුත් වෙනවා. ඔන්න ඕක තමා කෙටියෙන් සම්පූර්ණ  සිද්ධිය.  ඇත්තටම මෙහි විද්‍යාත්මක පසුබිම කුමක්ද...  මේ ඒ ගැන විග්‍රහයක්.


ඇත්තටම මේ සිද්ධිය මොකක්ද. ටිකක් හොයල බලද්දී අන්තර්ජාලයෙන්ම හම්බුනා පිළිගතහැකි විසඳුමක්. Mike Thompson කියන පුද්ගලයා තමයි මේ ක්‍රියාව සිදු කරලා තියෙන්නේ. ඇත්තටම ඔහුගේ අරමුණ රුධිරයෙන් විදුලිය නිපදවීම නෙවෙයි. බලශක්ති හානිය ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න තමයි ඇත්තටම මේ ඇටවුම සකස් කරලා තියෙන්නේ.

ඒත් මේ රසායනික සංයෝගය කුමක්ද.. බොහෝවිට එය ලුමිනොල් (Luminol) විය හැකි බව විද්‍යාඥයන් අනුමාන කරනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාවේදි බහුලව මේ ලුමිනොල් භාවිත කරනවා. රුධිරයේ අඩංගු Fe2+ සමග ලුමිනොල් ක්‍රියාකර නිල්පාට දිලිසුමක් ලබා  දෙනවාඑමගින් ඉතා සියුම් රුධිර අංශු පවා පහසුවෙන් හඳුනා ගත හැකිය. ඔන්න ඕක තමයි  කතාව.

Saturday, May 19, 2012

Poisonous substances in our Foods.



(1) තක්කාලි 
තක්කාලි ගෙඩි වල විෂමය සංයෝග අඩංගු නොවුනද කොළ සහ කඳේ (Glycoalkaloid) නම් රසායනික සංයෝගය හමුවේ. වල්  තක්කාලි විශේෂ වල බහුලව මෙය අඩංගු වේ. උදරාබාධ සහ ස්නායු කම්පනයන් මෙමගින් ඇති වේ. පලිබෝධක පාලනයටද මෙම  රසායනික සංයෝගය යොදාගනී.


(2) ඇපල්


 ලොව වඩාත් ජනප්‍රි පළතුරක් වන ඇපල් වල සයනයඩ් (Cyanide) සුළු වශයෙන් අඩංගුය. මෙම සයනයඩ් අඩංගු වන්නේ ඇපල් බීජවලය. සම්පුර්ණ ගෙඩි කෑවාට ඔබ මිය නොයන නමුත් එය අනුමත නොකර‍යිඇපල් බීජ වැඩි ගණනක් අනුභව කල විට විවිධ සංකූලතා ඇතිවේ.



(3) චෙරි 
චෙරි විවිධකාරයෙන් අනුභව කල හැක. නමුත් චෙරි ඇට (cherry pit) හැපුවොත් එමගින් ස්වයක්රීයව (hydrogen cyanide) නිපදවේ. සුළු විෂ වීම් වල ප්‍රතිපලයක් ලෙස මෙහිදී හිසරදය, නොසන්සුන්වීම, වමනය, හිස කරකැවිල්ල,ඇති විය හැක. ඉහල මාත්‍රා වලින් ගත්විට ස්වසන අපහසුතා, රුධිර පීඩනය ඉහල යාම සහ වකුගඩු  අක්රියවීම පවා සිදුවේ. මේවායේ ප්‍රතිපල ලෙස කෝමා තත්වයන්, වලිප්පුව, සහ ආශ්වාසය අවහිරවීමෙන් මරණය වුව සිදුවේ.


(4) ආමන්ඩ් 
කජු වලට ටිකක් සමාන ආමන්ඩ්  ශ්රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැත. මෙම ඇටවල (Cyanide) ඉහල ප්‍රමාණයක් අන්තර්ගතය. අනුභව කිරීමට සුදුසු තත්ත්වයට පත්වීමට නම් මෙය තාපය මගින් සැකසිය යුතුය. මෙහිදී විමය ස්වභාවය ඉවත් වේ


(5) අර්තාපල් 
අර්තාපල් වල කොළ සහ කඳේ විෂමය සංයෝග අඩංගු වේ. එසේම අර්තාපල් අලයේද විෂමය සංයෝග යම් අවස්‍ථාවලදී අඩංගු වේ. සමහර  අර්තාපල් අලවල පිට පොත්තේ කොළ ැ‍හැති ප්‍රදේශ දැකිය හැක. මෙහිදීද හමුවන්නේ (Glycoalkaloid) නම් රසායනික සංයෝගයය. කොළ ැ‍හැති අල අනුභවයෙන් ශරීර දුබලතා ඇතිවී පසුව කෝමා තත්ත්වයට පත්විය හැක

(6) මිරිස්
මෙහි (Capsaicin) නම් රසායනික සංයෝගය හමුවේ. මිරිස් වල පවතින ලාක්ෂණික සැර සහ දැවිල්ල මින් ඇතිවේ. මිරිස් වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මරණය ඇතිවිය හැක. හබනේරෝස් (habaneros) වැනි  සැර වැඩි මිරිස් යුෂ සම මත වැටීමෙන් පිළිස්සුම් ස්වභාවයන් පවා ඇති විය හැක.

(7) පෆර් මසුන් 
මෙම පෆර් මසුන් කශේරුක ජීවින් අතුරින් විෂබවින් දෙවන ස්ථානයට  අයත් වේ. ජපාන සහ කොරියානු ආහාර වට්ටෝරුවල රසවත් කෑමක් ලෙස මෙම මසුන් යොදාගනී. මෙම මසුන්ගේ අක්මාවේ ඉහල මාරාන්තික විෂ ප්‍රමාණයක් අන්තර්ගත වේ. මෙය (Tetrodotoxin) නම් සංයෝගයකි. මෙම විෂ ශරීර ගතවුවිට අධිරුධිර පීඩනය, මස්පිඩු අකර්මන‍‍‍්‍ය වීම, සිදු වේ. මහාප්‍රා චීර පේශිය අකර්මන‍‍‍්‍ය වූ විට හුස්මගැනීම ඇනහිටීමෙන් මරණය සිදුවිය හැක. මෙනිසා බොහෝ ආසියාතික රටවල් අනුභවයෙන් වැලකී ‍සි‍ටීමට උපදෙස් දෙයි