Monday, April 30, 2012

The color of Human Eye

ඇසේ වර්ණය මෙසේ ඇතිවේ

             ඇසේ වර්ණය ඇතිවීමේ සංසිද්දිය එකිනෙක වෙනස් ජාන15 ක පමණ  ප්‍රමාණයක් මත තීරණය වේ.  මිනිසුන්ගේ ඇසේ වර්නීභවනය මෙලනින් වර්ණකය නිසා ඇති වේ. ලා දුඹුරු සිට කළු පාට දක්වා පවතින අක්ෂි වර්ණ මෙලනින් වර්ණකය නිසා ඇති වේ. නිල්, කොළ සහ හේසල්(hazel) පැහැති  ඇස් ඇතිවන්නේ රේලි ප්‍රකිරණ සංසිද්දිය නිසාය. (අහසේ නිල් පැහැය ඇතිවනුයේද මෙම රේලි ප්‍රකිරණ සංසිද්දිය නිසාය) එනම් නිල් හෝ කොළ පැහැති වර්ණක මිනිස් ඇසේ අන්තර්ගත නොවේ. මෙම වර්ණ අතුරින් දුඹුරු ඇස් වඩාත් බහුල වන අතර කොළ පැහැති ඇස් දුර්ලබ වේ. කාල්ටන් කූන්ගේ අක්ෂි වර්ණ වර්ගීකරණයට අනුව දීප්තිමත්, මිශ්‍ර. අඳුරු ලෙස වර්ග තුනකට බෙදේ.

Amber eyes
ඇම්බර් (amber eyes) තද කහපාට සමග මුහුවූ තඹ පැහැයක් පවතී.












Blue eyes
  නිල් (blue eyes) මෙලනින් සුළු සාන්ද්‍රණයකින් නිල් ඇස් වල අන්තර්ගත වේ. බෝල්ටික් මුහුදු ආශ්‍රිත ප්‍රදේශ සහ උතුරු යුරෝපීය ප්‍රදේශවල නිල් ඇස් සහිත පුද්ගලයන් බහුලව දැකිය හැක. එසේම ඉරානය, ඉරාකය, ලෙබනනය වැනි බටහිර ආසියානු පෙදෙස් වලදීද දැකිය හැක. 







Brown eyes
දුඹුරු (brown eyes) මිනිසුන්ගේ ප්‍රමුඛතම අක්ෂිවර්ණය දුඹුරු පාටය. ආසියානුවන් බොහොමයක මෙම ඇස් දැකිය හැක.








Grey eyes
 අළු (grey eyes) උතුරු සහ නැගෙනහිර යුරෝපීයන්ගේ දැකිය හැක.








 රතු සහ දම් (red & violet eyes)  උග්‍ර ඇලි බැවින් යුත් මිනිසුන්ගේ මෙම ඇස් දැකිය හැක. මෙලනින් සාන්ද්‍රණය ඉතාමත්ම අඩු වීම මීට හේතුවය.
Red & Violet eyes

Saturday, April 21, 2012

Lights of Firefly

                                                               කළාමැදිරි එලි
           
          මම පුංචි කාලෙදි මගේ අවධානය වැඩියෙන්ම දිනාගත්ත දේවල් කීපයක් තිබුනා. හෙවනැල්ලඅටපියල්ලා,ගින්දරකළාමැදිරියන්ගේ එලි එවැනි දේවල් අතරින් කීපයක්. මේ අතරිනුත් කළාමැදිරියන්ගේ එලිවලට මගේ සිතේ වැඩි ඉඩක් වෙන්වුනා. ඇත්තටම මේ කළාමැදිරියන්ගේ එලි ඇති වෙන්නේ කොහොමද...  මෙහි විද්‍යාත්මක පසුබිම කුමක්ද...  

මේ ඒ ගැන  කෙටි සටහනක්.
          කළාමැදිරියන් ආලෝකය විහිදුවන සංසිද්ධිය හඳුන්වන්නේ ජෛවසන්දීප්තිය (Bioluminescenceලෙසිනි. මේ නිපදවන ආලෝකය විද‍්‍යාවේදී "සෞම්ය ආලෝකය" (Cold light) නම් වේ. ප්‍රජනනය සඳහා තම සහකාරියන් ආකර්ෂණය කරගැනීමට මෙම එලි කළාමැදිරියන්ට උපකාරී වෙනවා. ලුසිෆෙරින් (luciferin) නම් වර්ණකයක් සහ ලුසිෆෙරේස් (luciferase) නම් එන්සයිමයක් මගින් මෙම ජෛවසන්දීප්තිය නිපදවීමේ  ක්‍රියාවලිය සිදුවෙනවා. 

 ටිකක් පැහැදිලිව සඳහන් කරනවානම්... 
                      මේ වනවිට කළාමැදිරියන් විශේෂ 2000ක් පමණ නිවර්තන සහ සෞම්ය කලාපික රටවල වගුරුබිම් හා තෙත් ප්‍රදේශවලින් සොයාගෙන තියෙනවා. කළාමැදිරියන්ගේ උදර කොටසෙන් ජනිත වන මේ ආලෝකය ,සෞම්ය ආලෝකය ලෙස හැඳින්වීමට සුවිශේෂ හේතුවක් තියෙනවා.   තමා මෙම ආලෝක ජනනයේදී තාපය ලෙස 10% ක ශක්ති හානියක් පමණක් සිදුවීම. එසේම මෙම ආලෝකයේ අධෝරක්ත (infrared)පාරජම්බුල (ultraviolet) යනාදී කිරණ වර්ගද අන්තර්ගත නොවේ. 510nm – 670nm අතර තරංග ආයාමයන්ට අනුකූල ආලෝක තරංග මෙහිදී නිකුත් කෙරේ.

යම් ජීවියෙකු විසින් රසායනික ප්‍රතික්‍රියාවක් හරහාඍජුව ආලෝකය නිපදවීම ජෛවසන්දීප්තිය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලිය සෛල තුල මෙන්ම සෛලයෙන් පිටතද සිදුවිය හැක. ලුසිෆෙරින් සහ ලුසිෆෙරේස් එන්සිම ප්‍රතික්‍රියාවෙන් ආලෝකය නිපදවීම අදියර දෙකකින් සිදුවේ. පළමුව luciferin විසින් ATP සහ Mg2+   අයන  යොදාගෙන luciferyl adenylate  බවට පත්වේ. මෙම luciferyl adenylate  සමග O2(g) ප්‍රතික්‍රියාකර oxyluciferin සහ අපි දකින සෞම්ය ආලෝකය නිපදවෙනවා. මෙම අදියර දෙකම ලුසිෆෙරේස් එන්සයිමය මගින්  උත්ප්‍රේරණය  කරනු ලැබේ . මෙලෙස කළාමැදිරියන්ගේ ආලෝක නිපදවීම සිද්ධවෙනවා. 

වර්තමානයේදී විවිධ විද්‍යාත්මක අත්හදා බැලීම් මේ සම්බන්දයෙන් සිදුකරමින්  පවතිනවා. කෘෂිකාර්මික භෝග වල ජල අවශ්‍යතා දැනගැනීමට, එලි විහිදුවන සුරතල් සතුන් නිපදවීමට ( සුරතල් මසුන්)විදුලි අර්බුදයට පිලියමක් ලෙස ආලෝකය විහිදුවන ගස් වර්ග නිපදවීමටමෙම ක්ෂේත්‍රය යොදාගත හැක. ඇතැම් හතු වර්ග, ගැඹුරු මුහුදු වාසි බොහෝ මසුන්, ඇතැම් කොරල් ජීවීන් සහ ඇතැම් දැල්ලන්ද විවිධ  අරමුණු සඳහා ජෛවසන්දීප්තිය නිපදවයි.

Thursday, April 19, 2012

It's Human Brain


මිනිස් මොළය ගැන


මොළයට වේදනාවන් නොදැනේ.

දහවලදීට වඩා රාත්‍රියේදී ඔබගේ මොළය ක්‍රියාශීලීවේ.

මොළය ක්‍රියාත්මක වන්නේ වොට් දහයක ක්ෂමතාවකිනි.

ඔබගේ සමස්ත ශරීරයට ගන්නා කැලරි සහ ඔක්සිජන් වලින් 20%ක් මොළය භාවිතා කරනා නමුත් සමස්ත ශරීර බරින් මොළය 2% කි.

ඔබ ඉපදුනුදා සිට මෙතෙක් කල කීඉගෙනගත්ඇසූ දුටුසියලු දේවල් මොළයේ ගබඩා වී ඇත. නමුත් එම දේවල් පහසුවෙන් මතකයට ගැනීම අසීරුය.

විවිද තොරතුරු මොළය හරහා ගමන් කරන්නේ විවිද වේග වලිනි. සමහර තොරතුරු ඉක්මනින් මතක් වීමටත් සමහර ඒවා පසුව මතක් වීමත් මෙනිසා සිදුවේ.