Thursday, May 31, 2012

Blue light from red Blood

මිනිස් රුධිරයෙන් ආලෝකය.




මේක මම අන්තර්ජාලයේ සැරිසරන කොට දැක්ක අමුතුම තාලයේ සංසිද්ධියක්. එක්තරා වීදුරු බුබුලක්  ඇතුලේ යම් රසායනික ද්‍රාවණයක් දාල මුද්‍රා තියල තියෙනවා, ඒකෙ මුද්‍රාව කඩලා ඇතුලේ ඇති ද්‍රාවණයට  රුධිර ස්වල්පයක් මිශ්‍ර කරනවා, එහිදී දීප්තිමත් නිල්පාට එළියක් ද්‍රාවණයෙන් නිකුත් වෙනවා. ඔන්න ඕක තමා කෙටියෙන් සම්පූර්ණ  සිද්ධිය.  ඇත්තටම මෙහි විද්‍යාත්මක පසුබිම කුමක්ද...  මේ ඒ ගැන විග්‍රහයක්.


ඇත්තටම මේ සිද්ධිය මොකක්ද. ටිකක් හොයල බලද්දී අන්තර්ජාලයෙන්ම හම්බුනා පිළිගතහැකි විසඳුමක්. Mike Thompson කියන පුද්ගලයා තමයි මේ ක්‍රියාව සිදු කරලා තියෙන්නේ. ඇත්තටම ඔහුගේ අරමුණ රුධිරයෙන් විදුලිය නිපදවීම නෙවෙයි. බලශක්ති හානිය ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න තමයි ඇත්තටම මේ ඇටවුම සකස් කරලා තියෙන්නේ.

ඒත් මේ රසායනික සංයෝගය කුමක්ද.. බොහෝවිට එය ලුමිනොල් (Luminol) විය හැකි බව විද්‍යාඥයන් අනුමාන කරනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාවේදි බහුලව මේ ලුමිනොල් භාවිත කරනවා. රුධිරයේ අඩංගු Fe2+ සමග ලුමිනොල් ක්‍රියාකර නිල්පාට දිලිසුමක් ලබා  දෙනවාඑමගින් ඉතා සියුම් රුධිර අංශු පවා පහසුවෙන් හඳුනා ගත හැකිය. ඔන්න ඕක තමයි  කතාව.

Saturday, May 19, 2012

Poisonous substances in our Foods.



(1) තක්කාලි 
තක්කාලි ගෙඩි වල විෂමය සංයෝග අඩංගු නොවුනද කොළ සහ කඳේ (Glycoalkaloid) නම් රසායනික සංයෝගය හමුවේ. වල්  තක්කාලි විශේෂ වල බහුලව මෙය අඩංගු වේ. උදරාබාධ සහ ස්නායු කම්පනයන් මෙමගින් ඇති වේ. පලිබෝධක පාලනයටද මෙම  රසායනික සංයෝගය යොදාගනී.


(2) ඇපල්


 ලොව වඩාත් ජනප්‍රි පළතුරක් වන ඇපල් වල සයනයඩ් (Cyanide) සුළු වශයෙන් අඩංගුය. මෙම සයනයඩ් අඩංගු වන්නේ ඇපල් බීජවලය. සම්පුර්ණ ගෙඩි කෑවාට ඔබ මිය නොයන නමුත් එය අනුමත නොකර‍යිඇපල් බීජ වැඩි ගණනක් අනුභව කල විට විවිධ සංකූලතා ඇතිවේ.



(3) චෙරි 
චෙරි විවිධකාරයෙන් අනුභව කල හැක. නමුත් චෙරි ඇට (cherry pit) හැපුවොත් එමගින් ස්වයක්රීයව (hydrogen cyanide) නිපදවේ. සුළු විෂ වීම් වල ප්‍රතිපලයක් ලෙස මෙහිදී හිසරදය, නොසන්සුන්වීම, වමනය, හිස කරකැවිල්ල,ඇති විය හැක. ඉහල මාත්‍රා වලින් ගත්විට ස්වසන අපහසුතා, රුධිර පීඩනය ඉහල යාම සහ වකුගඩු  අක්රියවීම පවා සිදුවේ. මේවායේ ප්‍රතිපල ලෙස කෝමා තත්වයන්, වලිප්පුව, සහ ආශ්වාසය අවහිරවීමෙන් මරණය වුව සිදුවේ.


(4) ආමන්ඩ් 
කජු වලට ටිකක් සමාන ආමන්ඩ්  ශ්රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැත. මෙම ඇටවල (Cyanide) ඉහල ප්‍රමාණයක් අන්තර්ගතය. අනුභව කිරීමට සුදුසු තත්ත්වයට පත්වීමට නම් මෙය තාපය මගින් සැකසිය යුතුය. මෙහිදී විමය ස්වභාවය ඉවත් වේ


(5) අර්තාපල් 
අර්තාපල් වල කොළ සහ කඳේ විෂමය සංයෝග අඩංගු වේ. එසේම අර්තාපල් අලයේද විෂමය සංයෝග යම් අවස්‍ථාවලදී අඩංගු වේ. සමහර  අර්තාපල් අලවල පිට පොත්තේ කොළ ැ‍හැති ප්‍රදේශ දැකිය හැක. මෙහිදීද හමුවන්නේ (Glycoalkaloid) නම් රසායනික සංයෝගයය. කොළ ැ‍හැති අල අනුභවයෙන් ශරීර දුබලතා ඇතිවී පසුව කෝමා තත්ත්වයට පත්විය හැක

(6) මිරිස්
මෙහි (Capsaicin) නම් රසායනික සංයෝගය හමුවේ. මිරිස් වල පවතින ලාක්ෂණික සැර සහ දැවිල්ල මින් ඇතිවේ. මිරිස් වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මරණය ඇතිවිය හැක. හබනේරෝස් (habaneros) වැනි  සැර වැඩි මිරිස් යුෂ සම මත වැටීමෙන් පිළිස්සුම් ස්වභාවයන් පවා ඇති විය හැක.

(7) පෆර් මසුන් 
මෙම පෆර් මසුන් කශේරුක ජීවින් අතුරින් විෂබවින් දෙවන ස්ථානයට  අයත් වේ. ජපාන සහ කොරියානු ආහාර වට්ටෝරුවල රසවත් කෑමක් ලෙස මෙම මසුන් යොදාගනී. මෙම මසුන්ගේ අක්මාවේ ඉහල මාරාන්තික විෂ ප්‍රමාණයක් අන්තර්ගත වේ. මෙය (Tetrodotoxin) නම් සංයෝගයකි. මෙම විෂ ශරීර ගතවුවිට අධිරුධිර පීඩනය, මස්පිඩු අකර්මන‍‍‍්‍ය වීම, සිදු වේ. මහාප්‍රා චීර පේශිය අකර්මන‍‍‍්‍ය වූ විට හුස්මගැනීම ඇනහිටීමෙන් මරණය සිදුවිය හැක. මෙනිසා බොහෝ ආසියාතික රටවල් අනුභවයෙන් වැලකී ‍සි‍ටීමට උපදෙස් දෙයි




Monday, April 30, 2012

The color of Human Eye

ඇසේ වර්ණය මෙසේ ඇතිවේ

             ඇසේ වර්ණය ඇතිවීමේ සංසිද්දිය එකිනෙක වෙනස් ජාන15 ක පමණ  ප්‍රමාණයක් මත තීරණය වේ.  මිනිසුන්ගේ ඇසේ වර්නීභවනය මෙලනින් වර්ණකය නිසා ඇති වේ. ලා දුඹුරු සිට කළු පාට දක්වා පවතින අක්ෂි වර්ණ මෙලනින් වර්ණකය නිසා ඇති වේ. නිල්, කොළ සහ හේසල්(hazel) පැහැති  ඇස් ඇතිවන්නේ රේලි ප්‍රකිරණ සංසිද්දිය නිසාය. (අහසේ නිල් පැහැය ඇතිවනුයේද මෙම රේලි ප්‍රකිරණ සංසිද්දිය නිසාය) එනම් නිල් හෝ කොළ පැහැති වර්ණක මිනිස් ඇසේ අන්තර්ගත නොවේ. මෙම වර්ණ අතුරින් දුඹුරු ඇස් වඩාත් බහුල වන අතර කොළ පැහැති ඇස් දුර්ලබ වේ. කාල්ටන් කූන්ගේ අක්ෂි වර්ණ වර්ගීකරණයට අනුව දීප්තිමත්, මිශ්‍ර. අඳුරු ලෙස වර්ග තුනකට බෙදේ.

Amber eyes
ඇම්බර් (amber eyes) තද කහපාට සමග මුහුවූ තඹ පැහැයක් පවතී.












Blue eyes
  නිල් (blue eyes) මෙලනින් සුළු සාන්ද්‍රණයකින් නිල් ඇස් වල අන්තර්ගත වේ. බෝල්ටික් මුහුදු ආශ්‍රිත ප්‍රදේශ සහ උතුරු යුරෝපීය ප්‍රදේශවල නිල් ඇස් සහිත පුද්ගලයන් බහුලව දැකිය හැක. එසේම ඉරානය, ඉරාකය, ලෙබනනය වැනි බටහිර ආසියානු පෙදෙස් වලදීද දැකිය හැක. 







Brown eyes
දුඹුරු (brown eyes) මිනිසුන්ගේ ප්‍රමුඛතම අක්ෂිවර්ණය දුඹුරු පාටය. ආසියානුවන් බොහොමයක මෙම ඇස් දැකිය හැක.








Grey eyes
 අළු (grey eyes) උතුරු සහ නැගෙනහිර යුරෝපීයන්ගේ දැකිය හැක.








 රතු සහ දම් (red & violet eyes)  උග්‍ර ඇලි බැවින් යුත් මිනිසුන්ගේ මෙම ඇස් දැකිය හැක. මෙලනින් සාන්ද්‍රණය ඉතාමත්ම අඩු වීම මීට හේතුවය.
Red & Violet eyes

Saturday, April 21, 2012

Lights of Firefly

                                                               කළාමැදිරි එලි
           
          මම පුංචි කාලෙදි මගේ අවධානය වැඩියෙන්ම දිනාගත්ත දේවල් කීපයක් තිබුනා. හෙවනැල්ලඅටපියල්ලා,ගින්දරකළාමැදිරියන්ගේ එලි එවැනි දේවල් අතරින් කීපයක්. මේ අතරිනුත් කළාමැදිරියන්ගේ එලිවලට මගේ සිතේ වැඩි ඉඩක් වෙන්වුනා. ඇත්තටම මේ කළාමැදිරියන්ගේ එලි ඇති වෙන්නේ කොහොමද...  මෙහි විද්‍යාත්මක පසුබිම කුමක්ද...  

මේ ඒ ගැන  කෙටි සටහනක්.
          කළාමැදිරියන් ආලෝකය විහිදුවන සංසිද්ධිය හඳුන්වන්නේ ජෛවසන්දීප්තිය (Bioluminescenceලෙසිනි. මේ නිපදවන ආලෝකය විද‍්‍යාවේදී "සෞම්ය ආලෝකය" (Cold light) නම් වේ. ප්‍රජනනය සඳහා තම සහකාරියන් ආකර්ෂණය කරගැනීමට මෙම එලි කළාමැදිරියන්ට උපකාරී වෙනවා. ලුසිෆෙරින් (luciferin) නම් වර්ණකයක් සහ ලුසිෆෙරේස් (luciferase) නම් එන්සයිමයක් මගින් මෙම ජෛවසන්දීප්තිය නිපදවීමේ  ක්‍රියාවලිය සිදුවෙනවා. 

 ටිකක් පැහැදිලිව සඳහන් කරනවානම්... 
                      මේ වනවිට කළාමැදිරියන් විශේෂ 2000ක් පමණ නිවර්තන සහ සෞම්ය කලාපික රටවල වගුරුබිම් හා තෙත් ප්‍රදේශවලින් සොයාගෙන තියෙනවා. කළාමැදිරියන්ගේ උදර කොටසෙන් ජනිත වන මේ ආලෝකය ,සෞම්ය ආලෝකය ලෙස හැඳින්වීමට සුවිශේෂ හේතුවක් තියෙනවා.   තමා මෙම ආලෝක ජනනයේදී තාපය ලෙස 10% ක ශක්ති හානියක් පමණක් සිදුවීම. එසේම මෙම ආලෝකයේ අධෝරක්ත (infrared)පාරජම්බුල (ultraviolet) යනාදී කිරණ වර්ගද අන්තර්ගත නොවේ. 510nm – 670nm අතර තරංග ආයාමයන්ට අනුකූල ආලෝක තරංග මෙහිදී නිකුත් කෙරේ.

යම් ජීවියෙකු විසින් රසායනික ප්‍රතික්‍රියාවක් හරහාඍජුව ආලෝකය නිපදවීම ජෛවසන්දීප්තිය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලිය සෛල තුල මෙන්ම සෛලයෙන් පිටතද සිදුවිය හැක. ලුසිෆෙරින් සහ ලුසිෆෙරේස් එන්සිම ප්‍රතික්‍රියාවෙන් ආලෝකය නිපදවීම අදියර දෙකකින් සිදුවේ. පළමුව luciferin විසින් ATP සහ Mg2+   අයන  යොදාගෙන luciferyl adenylate  බවට පත්වේ. මෙම luciferyl adenylate  සමග O2(g) ප්‍රතික්‍රියාකර oxyluciferin සහ අපි දකින සෞම්ය ආලෝකය නිපදවෙනවා. මෙම අදියර දෙකම ලුසිෆෙරේස් එන්සයිමය මගින්  උත්ප්‍රේරණය  කරනු ලැබේ . මෙලෙස කළාමැදිරියන්ගේ ආලෝක නිපදවීම සිද්ධවෙනවා. 

වර්තමානයේදී විවිධ විද්‍යාත්මක අත්හදා බැලීම් මේ සම්බන්දයෙන් සිදුකරමින්  පවතිනවා. කෘෂිකාර්මික භෝග වල ජල අවශ්‍යතා දැනගැනීමට, එලි විහිදුවන සුරතල් සතුන් නිපදවීමට ( සුරතල් මසුන්)විදුලි අර්බුදයට පිලියමක් ලෙස ආලෝකය විහිදුවන ගස් වර්ග නිපදවීමටමෙම ක්ෂේත්‍රය යොදාගත හැක. ඇතැම් හතු වර්ග, ගැඹුරු මුහුදු වාසි බොහෝ මසුන්, ඇතැම් කොරල් ජීවීන් සහ ඇතැම් දැල්ලන්ද විවිධ  අරමුණු සඳහා ජෛවසන්දීප්තිය නිපදවයි.