ඇසේ වර්ණය මෙසේ ඇතිවේ
ඇසේ වර්ණය
ඇතිවීමේ සංසිද්දිය එකිනෙක වෙනස් ජාන15 ක පමණ ප්‍රමාණයක් මත තීරණය වේ. මිනිසුන්ගේ
ඇසේ වර්නීභවනය මෙලනින් වර්ණකය නිසා ඇති වේ. ලා දුඹුරු සිට කළු පාට දක්වා පවතින
අක්ෂි වර්ණ මෙලනින් වර්ණකය නිසා ඇති වේ. නිල්, කොළ සහ හේසල්(hazel) පැහැති ඇස් ඇතිවන්නේ රේලි ප්‍රකිරණ සංසිද්දිය
නිසාය. (අහසේ නිල් පැහැය ඇතිවනුයේද මෙම රේලි ප්‍රකිරණ සංසිද්දිය නිසාය) එනම් නිල්
හෝ කොළ පැහැති වර්ණක මිනිස් ඇසේ අන්තර්ගත නොවේ. මෙම වර්ණ
අතුරින් දුඹුරු ඇස් වඩාත් බහුල වන අතර කොළ පැහැති ඇස් දුර්ලබ වේ. කාල්ටන් කූන්ගේ
අක්ෂි වර්ණ වර්ගීකරණයට අනුව දීප්තිමත්, මිශ්‍ර. අඳුරු ලෙස වර්ග තුනකට බෙදේ.
![]() |
Amber eyes |
ඇම්බර් (amber eyes) තද
කහපාට සමග මුහුවූ තඹ පැහැයක් පවතී.
![]() |
Blue eyes |
නිල් (blue eyes)
මෙලනින් සුළු සාන්ද්‍රණයකින් නිල් ඇස් වල අන්තර්ගත වේ. බෝල්ටික් මුහුදු ආශ්‍රිත ප්‍රදේශ
සහ උතුරු යුරෝපීය ප්‍රදේශවල නිල් ඇස් සහිත පුද්ගලයන් බහුලව දැකිය හැක. එසේම ඉරානය, ඉරාකය, ලෙබනනය වැනි බටහිර ආසියානු පෙදෙස් වලදීද දැකිය හැක.
![]() |
Brown eyes |
දුඹුරු (brown eyes)
මිනිසුන්ගේ ප්‍රමුඛතම අක්ෂිවර්ණය දුඹුරු පාටය. ආසියානුවන් බොහොමයක මෙම ඇස් දැකිය
හැක.
![]() |
Grey eyes |
අළු (grey eyes) උතුරු
සහ නැගෙනහිර යුරෝපීයන්ගේ දැකිය හැක.
රතු සහ දම් (red & violet eyes) උග්‍ර ඇලි බැවින් යුත් මිනිසුන්ගේ මෙම ඇස් දැකිය හැක. මෙලනින් සාන්ද්‍රණය ඉතාමත්ම
අඩු වීම මීට හේතුවය.
![]() |
Red & Violet eyes |
2 comments:
Good work.Try to become a pupa.Best of luck..
(Bulta)
Yes my lord... As U wish... :P
Post a Comment