ස්වයංක්‍රීය
අත් ඔරලෝසු ( ඉබේ වයින් වෙන අත් ඔරලෝසු)
අපේ සීයට අයිති අවුරුදු 30 කටත් වඩා පරණ තවමත් හොඳින් වැඩ කරන අත් ඔරලෝසුවට උපහාර
පිණිස :)
Automatic Watch |
ඉතිහාසයට අනුව
1770 දී ස්විස්
ජාතික Perrelet නම් ඔරලෝසු කාර්මිකයා විසින් ලොව පළමු ස්වයංක්‍රීය අත් ඔරලෝසුව නිපදවා
ඇත. මෙම යාන්ත්‍රනයේදී කිසිදු ආකාරයක බාහිරින් වයින් කිරීමක්
හෝ බැටරි මගින් විදුලිය සැපයීමක් සිදු නොකරයි. අත් ඔරලෝසුව
පළදින්නා ඇවිදීමේදී හෝ ඕනෑම ආකාරයක චලනයක් සිදුකරන විටදී මෙම
ඔරලෝසු ස්වයංක්‍රීයම වයින් වේ. එනිසා නිතරම ඇවිදින ක්‍රියාශීලී පුද්ගලයන්ට මෙම අත් ඔරලෝසු වඩාත් සුදුසුය. වයින් කිරීමට
අමතර ශක්තියක් අවශ්‍ය නොවීම, බැටරි පාවිච්චි නොකරන නිසා පරිසර හිතකාමී වීම, අපතේ යන ශක්තියෙන් ප්‍රයෝජන ගැනීම වගේ සුවිශේෂී වාසි රැසක් මේ අත් ඔරලෝසු භාවිතයෙන් අත් වේ.
inside view of Automatic Watch |
මෙහිදී පළදින්නා සිදුකරන අක්‍රමවත් චලිතයන් ඒකකේන්ද්‍රීය නොවු rotor එකක් මගින් ක්‍රමානුකූල වෘත්තාකාර චලනයක් බවට
පරිවර්තනය කර සර්පිලාකාර ප්‍රධාන දඟරය (mainspring) වයින් කරයි. ඉන්පසු ගියර් පද්ධතියක් මගින්, ප්‍රධාන දඟරයේ ගබඩා කල ශක්තිය කුඩා දැතිරෝද වලට ක්‍රමානුකූලව මුදා හරී. පසුව එම දැති රෝද
වලට සම්බන්ධවී ඇති ඔරලෝසු කටු කරකැවීම සිදු වේ.පූර්ණව වයින් වූ ඔරලෝසුවක් දින දෙකක් වුව නිසලව
තැබුවද හොඳින් ක්‍රියාත්මක වේ. එබැවින් පිටතින් බලයක්
නොසැපයෙන අවස්ථා වලදී පවා වෙලාව බලාගත හැක.